Data types in Java | Access modifiers සිංහලෙන්
Primitive Data Types
Primitive data types කියන්නෙ Java language එකේ පවතින මූලික Data types වේ.
- Numerical Data Types
2. Short
මෙයත් පූර්ණ සංඛ්‍යා සඳහා භාවිතා වන data type එකකි. මෙය byte වලින් වෙනස් වන එකම කරුණ තමයි මේ data type එක 16 bit වීම. ඒ නිසා short variable එකක -32768 සිට 32767 දක්වා පූර්ණ සංඛ්‍යා රඳාවාගත හැකියි.
3. Int
මෙයත් පූර්ණ සංඛ්‍යා සඳහා භාවිතා වන data type එකකි. මෙම data type එක bit 32 ක data type එකකි. එම නිසා Int variable එකක -2,147,483,648 සිට 2,147,483,647 දක්වා පූර්ණ සංඛ්‍යා රඳවාගත හැකියි.
4. Long
මෙයත් පූර්ණ සංඛ්‍යා සඳහා භාවිතා වන data type එකකි. මෙම data type එක bit 64ක data type එකකි. long variable එකක -263 සිට ( 263 ) - 1 දක්වා පූර්ණ සංඛ්‍යා රඳවාගත හැකියි.
5. Float and Double
දශමස්ථාන සහිත සංඛ්‍යා සමඟ කටයුතු කිරීම සඳහා java වල හඳුන්වාදී තිබෙන data types දෙක තමයි float සහ double වන්නෙ. මේවායින් float data type එක bit 32ක් වන අතර double data type එක bit 64ක් වේ. Float data type එකේ සාමාන්‍යෙන් දශමස්ථාන 6 කට නිවැරදි සංඛ්‍යාවක් රඳවාගත හැකියි. double වල මෙම දශමස්ථාන සංඛ්‍යාව 15 වේ.
- Non-numerical Data Types
2. Char
Char data type එක භාවිතා වන්නෙ characters සමඟ කටයුතු කරන විටයි. අකුරු, ඉලක්කම් වැනි ඕනෑම දෙයක් මෙහි ගබඩා කර තබා ගත හැකියි.
මීට අමතරව string නමින් class එකක් ඇති අතර එය class එකක් ලෙසම data type එකක් ලෙසද භාවිතා කල හැකියි. මෙහිද ඕනෑම character එකක් ගබඩා කර තබා ගත හැකියි.
1. Public2. Protected3. Default4. Private
Java project එකක් ගත්තොත් ඒකේ මුලින්ම තියෙනව project folder එක, ඊටපස්සෙ තියෙනව package එක, ඊටත් පස්සෙ ඒක ඇතුලෙ තමයි අපේ .java file එක තියෙන්නෙ. පහත රූපෙ බැලුවම ඒක තේරුම්ගන්න පුලුවන්.
Protected
Protected ලෙස ප්‍රකාශ කරන class, variable, method වලට එකම package එකේ, එකම class එකේ හා sub class තුල ප්‍රවේශ විය හැක.
Default
Default ලෙස ප්‍රකාශ කර ඇති class, variable, method වලට එකම package එක තුලට ප්‍රවේශ විය හැකි නමුත් එයින් පිටත බෑ.
Private
Private ලෙස ප්‍රකාශ කළ class, variable, method වලට ප්‍රවේශ විය හැකි හැක්කෙ එකම package එක තුළ හා එකම class එක තුළ පමණි.
Comments
Post a Comment